Wednesday, April 22, 2015

ගෙඹි කවි

මේ අවුරුද්දට මං බ්ලොගේට ආවේ කවද්ද ? අම්මෝ ජනවාරි ..මේ අප්‍රේල් නේ ... දෙය්යනේ මාස කීයක් බ්ලොගේ අතහැරලා ගිහින්ද ? බ්ලොගේ පාලුවට ගිහිල්ල .. :(  හ්ම්ම් ..මොනවා කරන්නද  මේ කැම්පස් වැඩ වලට හිර උන නිසා කිසිම දෙයක් ලියන්න බැරි උනා.කතාවක් ලියන්න වත් කිසිම අදහසක් ඔලුවට ආවේ නෑ .දෙතුන් පාරක්ම  ලියන්න හදල බාගෙට ලියල gmail draft වලට දාපු කතා කීපයක්ම තිබ්බත් ඒවා සම්පූර්ණ කරන්න බැරි උනා. සමාවෙන්න ඕන කාලෙකින් ආවේ නැතිවට .මමත් නැතිවම  බ්ලොගේ පලවෙනි උපන්දිනෙත් සමරලා  ඔන්න ඔහේ කමක් නෑ මම ආයෙත් ඇවිත් යන්න ආවනේ. ඒ සතුට ඇති මට :) 

ලියල ලියල ලියන්නේ නැති උනාම  දුකයි ඒ නිසාමයි ආවේ.හැබැයි අද ආවේ කතාවක් ලියන්න නම් නෙමෙයි ගෙඹි කවි ටිකක් බ්ලොගේට දාල යන්න .
මොනාද මේ ගෙඹි කවි හි හී... ඇත්තටම මොනාද මේ ගෙඹි කවි ??...දැන් හරි ප්‍රශ්නයක් නේ :D .ඉන්නකො  මම කියන්න . මෙන්න මෙහෙමයි එක උනේ සයිබර් අවකාශයේ  භාෂා ඉගෙන  ගන්න තියන වෙබ් පිටුවක(Language exchange site ) ගොඩක් කාලෙකට කලින් මමත්  සාමාජිකයෙක් උනා.එතැනදී මට ගොඩක් පිටරට යාළුවො හම්බුනා .ඒ වගේම ලංකාවේ අයත් දෙතුන් දෙනෙක් හම්බුනා.එහෙම හම්බුනා එක යාලුවෙක් තමයි මේ ගෙම්බා .හි හී ඇත්ත නම නම් ගෙම්බා නෙමෙයි ..හැබැයි මම ගෙම්බා කියන්නම්කො. ගෙම්බෙක් උනාට හොඳ වැඩකාරයෙක් ඒ නාදුනන ගෙම්බා කවුද කියල   මම  හොයාගත්තට  මම  ගැන නම් එයා  පොඩ්ඩක් වත් දන්නේ නෑ .මගේ  'ඉනොලි' කියන අනවරත නම විතරයි එයා  දන්නේ නාදුනන උනත් අපි  යාළුවො .කාටවත් වරදක් කරන්නැති යාළුකමක්.ඔන්න ඔහොම කතා කරද්දී  විස්තර එහෙම අහද්දී දැන  ගන්න හම්බුනා එයත් හොඳ සාහිත්‍ය රසාස්වාදයක් තියන   කැම්පස් කොල්ලෙක් කියල.ඔය විදිහට විද්‍යුත් පණිවිඩ හුවමාරුවෙද්දි  දවසක් මට මේ ගෙම්බා ලස්සන කවි පද ටිකක් එව්වනේ ..ඒ තමයි මීමන ප්‍රේමතිලක මහත්මයාගේ "පාළු ගම" කවි පන්තියෙන් කවි ටිකක් .ඒ කවි නම් ඇත්තටම ලස්සනයි .ලස්සන කවි ටිකක් එව්ව නිසාම කවියෙන්ම තුති පුදලා පිළිතුරු යැව්වා ඔන්න ඔතනින් තමයි අපේ ගෙඹි කවි සංවාදෙ පටන් ගත්තේ  අන්තිමට බලද්දී  කවි තොගයක්ම දෙන්නම ලියල ..මෙහෙම කවියෙන් කෙනෙකුට ලිව්වමයි :D ...කවි ලියල ලියල අන්තිමට හෙමිහිට ඔන්න බ්ලොගේට දාන්නත් අවසර ගත්ත මේ ඒ අවසරයෙන්  බ්ලොගේට දාන කවි .. කාලෙකින් මොනවත් ලිව්වේ නැති එකේ මේ  ගෙඹි කවි ටික වත්  දාලම යන්නම්කො  :)  ඔන්න එහෙනම් කියවන්න කවි වැලක්ම ............



ගෙම්බා  :
Date : 2015-04-12  ▪  08:20
මීමන ප්‍රේමතිලක කවියාණන්ගේ "පාළු ගම" කවි
පංතියේ(9 වෙනි කොටස) කවි 127 සිට 132 දක්වා.

පිළිතුරු

 මම : 
Date : 2015-04-12  ▪  15:04
සයිබර් ලොවේ හමුවූ මේ ගස් ගෙම්බා 
කවිපද ටිකක් අමුණා මා වෙත එව්වා 
කවිපද අගෙයි මා සතුටින් කියවූවා 
පුදනෙමි තුතිය මේ ලෙස කවියකින් මෙමා    :D

ගෙම්බා:
Date : 2015-04-13  ▪  03:11
පණ දුන්නා කවි එවුවා මේකිට මා..
ලොග් වුණු හැම විට ඇහුවා "තිට කෝමා?"..
"ගස් ගෙම්බා" යයි අමතා හද පාරා..
හිකි හිකි ගානවට තිට තැන්'ක්යූ බෝමා.. -_-

මම :
Date : 2015-04-13  ▪  08:52
පණ  දුන්නත් ගෙඹි හදවත පලක් නැතේ 
ගෙම්බෙකු මෙන් එය වෙනතක පැන  දුවතේ 
ඇත්තක් කියන අපහට ලොව ඉඩක් නැතේ 
කරබා ඉන්ට වෙන්නේ දැන්  ගෙයි  මුල්ලේ  :/

ඇයි  ගෙඹි නයිදේ ඔය හැටි බුම්මා  ඉන්නේ  (-_-)
අද දින  පරණ අවුරුද්ද යි නිම වෙන්නේ 
හරි  හරි යලිත් මා කිසිවක් නොකියන්නේ 
දැන්වත්  හිනා වී ඉන්නට බැරිද අනේ

ගෙම්බා :
Date : 2015-04-13  ▪  13:19
ගෙම්බා කියා ඔච්චම් කර දැන් මෙන්න..
බුම්මා ඉන්නෙ ඇයි අහනා හැටි ඔන්න..
"කරබා ගෙයි මුල්ලෙ සැඟවී ගෙන ඉන්න"
එන්න ඕන නංගී එහෙමයි අන්න..

කඩ්ඩ පුරුදු වෙන්නයි මං මෙහි ආවේ
බ්ලොග් කවිකාරියකි එනමුත් සෙට් වූයේ
බංගලි මොකක්දෝ එකකුත් ඇට ඇත්තේ :p
කොහොමද බොලේ මෙතරම් අපි ෆිට් වූයේ

මම :
Date : 2015-04-13  ▪  15:42
ගෙම්බා කියා ඔච්චම් කෙරුවත් මෙලෙසා 
නාඹර කොලුවෙකුයි ඔහුගේ රුව අගනා (අතිශයෝක්තිය )
'මහා කළු ' සිංහලෙකු  වාගේ මට පෙනෙනා 
නොකීවට මොකට දන්නෙමි මම අඩු නැතිවා 

බුකියේ දැක්කේ හරි වැඩ කාරයෙක් වගේ 
එනමුත් රඟන්නේ කිසිවක් නොදත් වගේ 
මහා කඩු  හරඹ  සැම මැනවින් දැන  උනේ 
උන්දැ මෙතන දැන් බේගල් ඇද දෙන්නේ 

කඩ්ඩ  මුවාවෙන්  මා  හා  මිත්‍ර වුනේ 
දැන් මේ ඇවිත් කවියෙන් මට බැට  දෙන්නේ 
අය්යෝ දෙවියනේ මා නම් නොම දන්නේ 
තව මොන ලියන්නද මා නම්  නැහැ  දන්නේ

ගෙම්බා :
Date : 2015-04-13  ▪  17:24
දැන් නම් ඉනෝලිය ඇත්තම කියනු පෙනේ..
නාඹර කොලුව ගැන පහලව වගෙයි සෙනේ.. <3
අම්මප කලින් කීවා නම් ඕක පනේ..
මාස තුනක් ලව් කරලා බඳිනවනේ.. :p

බුකියේ දාන්නේ මං හැඩ පොෂ් ඒවා..
බුකියෙන් පිටදි හරි සරලයි වගෙ ගෝවා..
දැක නැති මේ කෙල්ල කවියෙන් වැඩ දානා..
කොතරම් ටැලන්ටඩ් දැයි සිතුණා බෝමා..

නුඹ නම් අපූරුයි ඉනෝලි සිරාවට..
ආට් එකෙන් අසම සමයි පිකාසොට..
තව මොන ජාති කරනවැතිද නොකීවට..
එලියට දාවි වැඩ කිඩ හරි වෙලාවට..

මම  :
Date : 2015-04-14  ▪  16:34
නාඹර කොල්ලෝ කොතනත් මා  දැක ඇත්තේ 
එනමුත් තාම නම් නෑ හිත පහල උනේ 
කාලේ ගියත්  නෑ මේ හිත  ලත වෙන්නේ 
ආලේ සොඳ යි පිවිතුරු නම් හද පත්ලේ 

චාටුව දමා  මේ කොල්ලා  මොට එන්නෙ 
කාරිය තවම  නෑ මොලයට click වෙන්නෙ 
සාහෙට ගන්න නම් මේ ඔය පන දෙන්නේ 
අනේ මේ යන්න අපි නම් නැහැ රැවටෙන්නේ 

ලිව්වට මෙහෙම කවි එකිනෙක අමුණාලා 
මා නම් සරල කෙල්ලෙකි වැඩ නොම දන්නා 
කැම්පස් ගියේ මා හෙන ගේමක් දීලා 
බ්‍රයිටෙකු වෙන්නෙ  කොහොමැයි  මේ අමු මැට්ටා 

වසරක් නිමවි  නව වසරකි මේ ආවේ 
සුබ පතලා  යන්ටයි මම අද ආවේ 
කිරි පැණි ඉතිරි ගලනා  මේ  අවුරුද්දෙ 
සතුටින් ඉන්න සබඳේ  හැම දින මෙලෙසේ

ගෙම්බා :
Date : 2015-04-16  ▪  04:41
සමාවෙයන් ඉනෝලි මං පමා වුණා
ඊයේ මොකක්දෝ අවුලක් මේකෙ වුණා
ERROR එකක් ඇවිදින් හැම close වුණා
"අපෙ ලව් එකට දෙවි පිහිටයි" මට ඇඬුණා :'(

ඇත්තට මෙයා දන්නේ මං මෙහි විතරයි
හැඩ රුව කිසිත් මගෙ ඔලුවට නම් නොම එයි :/
බැඳලා ළමයි ඉන්නවදැයි සිත විමසයි
හස්බන්ඩ් එහෙම දැනගත්තොත් මං ඉවරයි :o

ඉනෝලියා හරි දක්ෂයි ලියන්නට
ටිකක් විතර මෝඩයි ඒ හැරෙන්නට :p
අවතක්සේරු කරගෙන තම ටැලන්ට් එක
හංගන්නෙපා ලෝකෙන් ඔය හපන්කම

මම :
Date : 2015-04-17  ▪  12:08
අවුරුදු ගෙවී  දැන්  ඒකත්   ඉවර වෙලා 
කැම්පස් වැඩ දැන් ආයෙත් කරනු වෙලා 
බෙල්ල ලඟට වැඩ අනෙ මට එපා වෙලා 
කඳුලින් ලියමි මේ කවි පද පමා  වෙලා 

හැඩරුව කොහොම දැයි තාමත් විමසින්ද 
තාමත් අගේ වතගොත හෙම හොයනවද 
චායාරුවක් අද හෙට මා එවන්නද 
මයාවක්ම සේ ඔහු එය දකී විද 

කවිසිත හිඳී වේලී යනු මටම  දැනේ 
එළිවැට සමය ගලපන්නට බැරිය සිතේ 
කාලය නැතිව මේ සිත අද දුක් නගතේ 
මා ලිව් බ්ලොගේ  මකුළුවො  දැන් රජ කරතේ  





ඔන්න ඔහොමයි කවි සංවාදේ ඉවර උනේ ඉතින්  අවසර අරගෙනම ඔන්න කවි ටික ඔන්න දැම්ම. එහෙනම් ඉතින් අදට සමු ගන්නම් .ඉක්මනට කතාවක් අරන් ආයේ එන්නම්කෝ  :)